ලෝකයේ විදේශ ගමන් ශ්‍රේණි ගත කිරීම් දර්ශකය අනුව ලංකාව 96 වැනි ස්ථානයට පත්ව තිබේ.
විදේශ ගමන් බලපත්‍ර සදහා වන හෙන්ලි දර්ශකය අනුව 2025 වසර සදහා ලංකාව මෙසේ 96 වැනි ස්ථානයට පැමිණ තිබේ. මෙම දර්ශකයට අනුව 2022 වසරේදී ලංකාව 102 වැනි ස්ථානයේ පසුවූ අතර 2023 වසරේදී 100 වැනි ස්ථානයට පැමිණ තිබුණි.
ඉරානය සහ දකුණු සුඩානයද ලංකාවේ ස්ථානයේම ස්ථාන ගතවී සිටී.
ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර හිමි අයට ලෝකයේ රටවල් 44කට වීසා රහිව ගමන් කිරීමේ අවස්ථාව මේ වන විට හිමිව තිබේ.
මෙම දර්ශකයේ අංක එකට පත්ව තිබෙන්නේ සිංගප්පූරු විදේශ ගමන් බලපත්‍රයයි. සිංගප්පූරු විදේශ ගමන් බලපත්‍රයක් සහිත අයෙක්ට ලෝකයේ රටවල් 195කට වීසා රහිව ගමන් කිරීමේ අවස්ථාව හිමිවේ. ජපන් විදේශ ගමන් බලපත්‍රයක් ිමි ිඅයෙක්ට රටවල් 193කට වීසා රහිතව ගමන් කිරීමේ අවස්ථාව උදාවේ.
හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම් සදහා ලෝකයේ විදේශ ගමන් බලපත්‍ර වර්ග 199ක් සැලකිල්ලට ගනු ලබයි.