විජයදාසගේ පෙත්සම විභාග කිරීමට නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කර තිබෙන වාරණ නියෝගයට එරෙහිව ගොනුකළ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (14) නියෝග කළා.

විජයදාස රාජපක්ෂ මහතා ගොනු කර තිබූ අභියාචනා පෙත්සමක් දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්.

කෙසේ වෙතත් කොළඹ දිසා අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුව විභාගය ඉදිරියට පවත්වාගෙන යාමටද විනිසුරු මඩුල්ල විසින් නියෝග කර තිබෙනවා.

ඉන් අනතුරුව අදාළ අභියාචනා පෙත්සම ලබන 26 වනදා කැඳවන ලෙසටයි නියෝග කර ඇත්තේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!