පොසොන් පොහෝ දිනයෙදී රැඳවියන්ට OPEN VISIT අවස්ථාවක්

2024 වසරේ ජුනි මස 21 දිනට යෙදී ඇති පොසොන් පොහොය දිනය වෙනුවෙන් දැනට බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් (OPEN VISIT) බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබෙනවා.

ඒ අනුව ජුනි මස 21 දින තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ලබා දී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පවසනවා.

එසේම සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් රැඳවියන්ට පෙන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන් තුළ සිදු කරනු ලබනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!