වර්ජනය කළ බන්ධනාගාර නිලධාරීන්ට වැඩ වරදී

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

බන්ධනාගාර නිලධාරීන්ට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරතවීමට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නොමැති බවයි බන්ධනාගාර දෙපර්තමෙන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසුවේ.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එවැනි ක්‍රියාමාර්ග ගන්නා නිලධාරීන්ට දැඩි නීත්‍යානුනූකූල පියවර ගන්නා බවයි.

එසේම පසුගියදා වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතව සිටි බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දවත් බන්ධනාගාර කොමසාරිස්වරයා එහිදී අදහස් පලකළා.

ඒ මහතා සඳහන් කළේ කොළඹ මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් නිකුත් කර ඇති බව හා ඔවුන් සම්බන්ධයෙන් විනයානුකූල ලෙස කටයුතු කරන ලෙසටයි.

එසේම ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු ඒ සඳහා යොදවා ඒ සම්බන්ධයෙන් විනයානුකූල ලෙස කටයුතු කර ඉදිරියේ දී අධිකරණයට මේ ගැන වාර්තා කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!