ජුනි සිට යළිත් සුරක්ෂා

සිසු රක්ෂණාවරණය යලි ආරම්භ කිරීමට ජනාධිපති රණිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා සියළුම පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය යටතේ ප්‍රථිලා ලබා ගැනීමේ හැකියාව ජුනි මස මුල් සතියේ සිට උදාවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

මීට අදාළව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි මාධ්‍ය අංශය නිවේදනයක් මගින් පවසන්නේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!