වතු කම්කරු වැටුප ‘ස්ථිර කරමින්’ ගැසට්ටුව නිකුත් කෙරේ

වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීම ස්ථිර කරමින් ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවා.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් වරයාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ නිවේදනය මැයි දිනයදා ප්‍රකාශයට පත් කර සිටියා.

ඒ අනුව වතු සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 1350 දක්වා ඉහළ යන අතර ඵලදායීතාව මත පදනම්ව රුපියල් 350 ක් හිමිවනවා.

2385/14 යන අංකයෙන් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!