රන්වල බළකාය සමග ප්රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා විසින් ගයනු ලබන අවුරුදු ගීතයක් විකෘති කළ සැකකරු එළැඹෙන 22 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
31 හැවිරිදි වියේ පසුවන තලාතුඔය ප්රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියෙක් මෙලෙස බන්ධනාගාර ගත කිරීමට අද (17) කුලියාපිටිය මහෙස්ත්රාත් අධිකරණය නියෝගය කරනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.