කේරළ ගංජා කිලෝ 45ක් සමග හසුවූ ‘සුරාබදු මහත්වරුන්ට’ මතක හිටින පාඩමක්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මීගමුව සහ හලාවත ප්‍රදේශ ආශ්‍රිතව සිදුකළ වැටලීමකදී කේරළ ගංජා සමග අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

පරීක්ෂණවලින් අනතුරුව එම නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

කේරළ ගංජා කිලෝ 45කට ආසන්න ප්‍රමාණයක් සමග සුරාබදු නිලධාරීන් සිව්දෙනෙකු ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට පත්ව තිබෙනවා,

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!