ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි

අද දිනයේ (15)දිවයිනේ නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තුවන බවත් නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට , නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු සහ උතුරුමැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි ඔවුන් දැනුම් දෙන්නේ.

බස්නාහිර, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!