අද සමාව ලබන පිරිස

බන්ධනාගාර ගතව දඬුවම් ලබමින් සිටින රැඳවියන් 779 දෙනෙකුට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නිදහස ලබාගැනීමට නියමිතයි.

සිරකරුවන් 768 දෙනෙකු සහ සිරකාරියන් 11 දෙනෙකු ඊට අයත් වනවා.

අද දිනයේ අදාළ සිරකරුවන් පිරිසට නිදහස ලබාදීමට නියමිතයි.

අලුත් අවුරුද්ද නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව අද දිනයේදී ද ඥාතීන්ට ලබාදෙන අතර නිවසින් රැගෙන එන ආහාර ද ලබාදීමට හැකි වනවා.