වෛද්‍යවරුන් සදහා කඩිනමින් බදු සහන ලබාදෙන ලෙසට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් ඉල්ලීමක් කර ඇත.
ආර්ථික කරුණු නිසා වෛද්‍යවරු ඇතුළු වෛද්‍ය කාර්යමණ්ඩලය රට හැරයාම නිසා ඇතිවී තිබෙන මානව සම්පත්වල හිගය පිළිබද මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත කරුණු පැහැදිළි කර තිබේ.
වෛද්‍යවරුන් මුහුණදෙන ආර්ථික ගැටලුවට විසදුම් ලබාදීම සදහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වැඩසටහන් සකස් කළ යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම්දී ඇත. වෛද්‍ය උපකරණවල හිගය පිළිබදවද මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාට කරුණු පැහැදිළි කර තිබේ.