රනිල් ගියපු වැල් පාලමේ දිගටම යන්න – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආණ්ඩුවට දැනුම් දීලා

රටක් ලෙස මෙතෙක් ලබාගෙන ඇති ජයග්‍රහණ සහතික කිරීම සදහා ආර්ථික ප්‍රතිසංස්කරණ සදහා ගෙන ගිය වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට දැනුම්දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීලග වාරිකය ලබාගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුල ඉදිරිපත් කළ කොන්දේසි සදහා රජය සිය එකගතාවයද පළ කර ඇත

ඩොලර් බිලියන 12.5ක් වන බැදුම්කර ණය ප්‍රතිව්‍යුහගතරණය කිරීමේ ක්‍රියාදාම අවසන් නොකිරීම සහ ජපානය, චීනය සහ ඉන්දියාවට ගෙවිය යුතු ඩොලර් බිලියන 10ක ද්වි පාර්ශවික ණය ආමන්ත්‍රණය කිරීම රජය මුහුණදෙන ප්‍රධානම අභියෝගය බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන වැඩසටහන ඉදිරියට ගෙන යාමට නම් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාම වැදගත් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් අවධාරණය කර සිටී