“කට කපා දමනවා” – කාන්තාවකට තර්ජනය කළ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කළැයි කියන සිද්ධියක් පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියක් පැමිණිල්ලක් කළ බව පේරාදෙණිය පොලිසියේ ආරංචි මාර්ග පවසනවා.

දුරකතන ඇමතුමක් ලබාදී වෙනත් පුද්ගලයකු හා සඳහන් කළ බව කියන ප්‍රකාශයක් ගැන විමසා එය සත්‍ය නම් ඇයගේ කට කපා දමනවා යැයි තර්ජනය කළ බවයි පොලිසියට පැමිණිලි කළ පැමිණිල්ලේ සඳහන්වන්නේ.

මේ සම්බන්ධව පැමිණිල්ලට ලක් වූ බව කියන මන්ත්‍රීවරයාගෙන් මාධ්‍ය කළ විමසිමකදි තමා අදාල ලේකම්වරියට දුරකතන ඇමතුමක් ගත් බවත් මේ වගේ සිද්ධියක් ජේවිපි සමයේ කළා නම් කටකපනු ඇතැයි පවැසු බවත් තර්ජනයක් නොකළ බවත් සඳහන් කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!