හොර සල්ලි අච්චු ගහන්නන් තැන තැන මතුවෙයි

රුපියල් 500/= ව්‍යාජ මුදල් නෝට්ටු 06ක් මුද්‍රණය කර ලඟ තබාගෙන සිටි වයස අවුරුදු 17ක සිසුවෙකු නොච්චියාගම ප්‍රදේශයේ දී පෙරේදා (25) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර එම සැකකරුවාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර ලඟ තබාගෙන සිටි තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

එම සැකකරුවන් තිදෙනා ඊයේ (26) තඹුත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ රුපියල් 5000/= නෝට්ටු 08ක්, ව්‍යාජ රුපියල් 500/= නෝට්ටු 149 ක් සහ ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීමට යොදාගත් ලැප්ටොප් පරිගණකයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගත් බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19, 49 හා 54 යන වයස්වල පසුවන හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.