පුටින්ගේ ඇරයුමෙන් මෝදි රුසියාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙදින නිල සංචාරයක් සඳහා රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

රුසියානු ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් ඔහු එරට සංචාරයේ නිරතවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔහු මොස්කව් නුවරදී ව්ලැදිමීර් පුටින් සමග 22 වැනි ඉන්දු-රුසියා වාර්ෂික සමුළුවට එක්වීමටද නියමිතව තිබෙනවා.

ඉන්දියාව හා රුසියාව අතර පවත්නා සාම්ප්‍රදායික මිත්‍රශීලීත්වය තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණෙන් මෙම සංචාරය සිදුකෙරෙනවා.

මොස්කව්හි වාර්ෂික සමුළුව අවසන් කිරීමෙන් පසු මෝදි, ඔස්ට්‍රියාව බලා පිටත්ව යාමට නියමිත බවත් විදෙස් වාර්තා පවසනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු ඔස්ට්‍රියාවේ සංචාරයකට එක්වන්නේ වසර 41කට පසුවවීම විශේෂත්වයක්.