පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මියපෙ නවදිල්ලියේ දී මුණ ගැසිණ. එම මුණ ගැසීමට පෙර ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිෂ්රි මහත්වරු ද මුණ ගැසී සාකච්ඡා කර ඇත.
පාත්ෆයින්ඩර් පදනම ඉන්දීය රජය, එරට බුද්ධි මණ්ඩල සහ ස්වාධීන විද්වත් පර්යේෂකයන් සමග නිරන්තර සමාන්තර සම්බන්ධතා පවත්වාගෙන යන අතර මෙම සාකච්ඡා වට 2015 වසරේ දී පාත්ෆයින්ඩර් පදනම මගින් ස්ථාපිත කරන ලද ඉන්දු ලංකා අධ්‍යයන මධ්‍යස්ථානයේ සැලැස්මට අනුකූලව ක්‍රියාත්මක වේ.
මෙම ක්‍රියාකාරී වැඩසටහන් අනුව දෙරට අතර සබදතා තරකරන පර්යේෂණාත්මක අධ්‍යයන වාර්තා සහ ඉන්දියාව ශ්‍රී ලංකාව හා තවත් රටක් සමග ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රවණතා සාකච්ඡා කරන තුන් ඈ
දුතු සැලසුම් ද නිකුත් කොට ඇත. මෙයට අමතරව කාලීන වැදගත්කමකින් යුතු ආර්ථීක, දේශපාලන, ආගමික හා සාහිත්‍ය කෘති ගණනාවක් සිංහල භාෂාවට පරිවර්තනය කොට පළ කිරීමට ද පාත්ෆයින්ඩර් පදනම පියවර ගෙන ඇති අතර එය දෙරට අතර සබදතා දියුණු කරන පිලිවෙලක් වශයෙන් දැක්වේ. මිලින්ද මොරගොඩ මෙම හමුවීම්වල දී ඉන්දු ශ්‍රී ලංකා සබ
දතා ඉදිරියේ පොදු කටයුතු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන තිබේ.