ආරක්ෂක අංශ නොමඟ යවමින් මෙරට සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ‘මර්වින් ජානා නොහොත් බේකරි ජානා’ නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට පත්ව තිබෙනවා
පසුගිය 26 වන දින බොරලැස්ගමුව පොලිස් වසමේ අංක 24/1/1, පළමු පටුමග, දේවාලමුල්ල පාර, දෙහිවල පාර, බොරලැස්ගමුව ලිපිනයේ විශේෂ කාර්ය බළකාය වැටලීමක් සිදුකරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17යි මිලිග්‍රෑම් 60ක් සමග අදාළ සැකකරු අත්අඩංගුවට පත්ව තිබෙනවා.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුව බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව සඳහන් වෙනවා.