මැරතන් තරගයක දී අසනීපවූ සිසුවා මරුට

තිරුක්කෝවිල් පොලිස් වසමේ පාසලක පැවති මැරතන් තරගයක් අතරතුර හදිසියේ රෝගීවූ සිසුවෙකු රෝහලේ ප්‍රතිකාර ලබන අතරතුර ඊයේ (11) දිනයේ මියගොස් තිබෙනවා.

දහසය හැවිරිදි මෙම සිසුවා මුලින්ම තිරුක්කෝවිල් රෝහලට ද පසුව අක්කරේපත්තුව රෝහලට ද මාරු කර ඇති අතර තිරුක්කෝවිල් රෝහලේ දී නිසි ප්‍රතිකාර ලබා නොදුන් බව පවසමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක් ද සිදුකර තිබුණා.

පසුව පොලිසිය කරුණු පහදා දීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.