මනුෂ නානායක්කාර අත්අඩංගුවට ගැනීමට කරුණු නෑ

විදේශ රැකියා සදහා පිටත් කරන බව පවසමින් තිසර නානායක්කාර විසින් මුදල් එක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, මනුෂ නානායක්කාර මේ විමර්ශන සම්බන්ධයෙන් අත්අඩාංගුවට ගැනීමට තරම් කරුණු නිරාවරණය නොවන බැවින් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තුවක් නොමැති බව මූල්‍ය අපරාධ ඒකකය වෙනුවෙන් පෙනී සිටිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් අධිකරණයට පවසා සිටියේය.

ඒ අනුව හිටපු අමාත්‍යවරයාටඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අදාල කාරණය සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබාදීමට ජනවාරි 29 වැනි දින උදෑසන 9 ට පෙනී සිටින බව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

ඒ අනුව ගම්පහ මහේස්ත්‍රාත්වරිය අපේක්ෂිත ඇප අයදුම්පත සම්බන්ධයෙන් වන විභාගය සදහා පෙබරවාරි 3 වැනිදාට දින නියම කරනු ලැබුවේය.

පෙත්සම්කාර මනුෂ නානායක්කාර වෙනුවෙන් ජනාධිපති නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස ප්‍රමුඛ නීතීඥ මඩුල්ලක් පෙනී සිටියේය