මම ආයෙ ඡන්දෙ ඉල්ලන්නෙ නෑ – දේශපාලනයෙන් සමුගැනීමට සැරසෙන මෛත්‍රී ?

තමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විසිකෙරූ බව හා මින් ඉදිරියට මෙරට කිසිදු මැතිවරණයක් සඳහා තමන් තරග කිරීමට ඉදිරිපත් නොවන බව මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

නමුත් තමන් පූර්ණකාලීනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් වෙහෙසෙන බවත් ඒ මහතා අවධාරණය කරනවා.

එසේම තමන් ඉදිරියේදි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව හිටපු ජනාධිපතිවරයා පවසනවා.

තමන් මැතිවරණයට ඉදිරිපත් නොවුනත් තම පුත් දහම් සිරිසේන ඉදිරි කාලයේදි දේශපාලනයට පිවිසෙන බවත් ඒ අනුව ඔහු පොළොන්නරුව ආසනය නියෝජනය කරමින් දේශපාලන පිටියට පිවිසෙනු ඇති බවත් හිටපු ජනාධිපතිවරයා පවසනවා.

ඒ ,මහතා මේ බව සඳහන් කළේ යූටියුබ් නාලිකාවක වැඩසටහනකට සහභාගී වෙමිනි.