LAUGFS Power අලුත් CEO සමග බලගැන්වෙයි

LAUGFS Power

ලාෆ්ස් පවර් පීඑල්සී සමාගමෙහි (LPL.X0000) නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස මිතිල අමල්ක වෑගපිටිය මහතා පත් කළ බව එම සමාගම පවසනවා.

මැයි 01 වැනිදා දින මෙම නව පත් කර තිබෙනවා. මෙම පත්වීම සිදු වන අවස්ථාව වනවිට ඒ මහතා සතුව එම සමාගමෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම සඳහන් කරනවා.

ලාෆ්ස් හෝල්ඩිංග්ස් සමූහයට අයත් පරිපාලිත සමාගමක් වන ලාෆ්ස් පවර් පීඑල්සී සමාගම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මෙහෙයුම් සිදු කරන සමාගමක්.

එහි නව ප්‍රධාන විධායක නිලධාරී මිතිල වෑගපිටිය මහතා ලාෆ්ස් හෝල්ඩිංග්ස් සමූහයෙහි නිර්මාතෘවරයා මෙන්ම සභාපතිවරයා ද වන ප්‍රකට ව්‍යාපාරික කේ.එච්.ඩබ්ලිව් වෑගපිටිය මහතාගේ වැඩිමහල් පුත්‍රයා යි.

බ්‍රිතාන්‍යයේ ඇස්ටොන් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරියෙකු වන මිතිල වෑගපිටිය මහතා මේ වන විට ලාෆ්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි විධායක අධ්‍යක්ෂවරයා ද ලෙස ද කටයුතු කරනවා.

මෙරට ප්‍රධානතම තොරතුරු තාක්ෂණික නිෂ්පාදන සමාගමක් වන POTENZA හි සම නිර්මාතෘවරයෙකු ද වන මිතිල වෑගපිටිය මහතා, CERT Sri Lanka ආයතනයෙහි ලාබාලතම කමිටු සාමාජිකයාද වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!