ශ්‍රම සංක්‍රමණ සමුළුවට කම්කරු ඇමැති එක්වේ

ජාත්‍යන්තර ශ්‍රම සංක්‍රමණ සමුළුවට කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත සහභාගී වී තිබේ.

ලෝක බැංකුව සහ භූතානය එක්ව සංවිධානය කළ මෙම සමුළුව ඊයේ සහ අද යන දින දෙකේදී පැවැත්විණි.

භූතානයේ තිම්පු නුවරදී මෙම සමුළුව පැවැත්වූ අතර ඇමැතිවරයා විසින් විශේෂ දේශනයක්ද එහි පවත්වන ලදී.