රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජ්නරාල්වරියක්, සංස්ථාවේ සේවකයින් පිරිසක් එක්ව මීට සුළු වේලාවකට පෙර පන්නා දමා තිබේ.
රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරිනියක් වන මැය රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පරිපාලන වශයෙන් පත් කර එවා ඇත්තේ ආණ්ඩු පෙරලියත් සමගය.
ඇය සංස්ථාවේ සේවකයින්ට බල්ලා, බූරුවා, පොන්00යා යනුවෙන් අමතමින් සිටින බවත්, තමන් යටතේ සේවය කරන සේවකයින්ට නිසි පරිදි කතා කිරීමටවත් නොදන්නා බව පවසමින් පරිපාලන අංශයේ නිලධාරීන් රූපාහිනී සංස්ථාවේ සභාපතිවරයාට පැමිණිලි කර ඇත. නිශ්පාදකයින්ද ඒ ආකාරයමට පැමිණිල්ලක් කර තිබේ.
මෙම නිලධාරීනිය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස බල කරමින් සංස්ථාවේ සේවකයින් රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයාගේ කාමරය වට කරමින් මෙම අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරියට විරුද්ධව පියවර ගන්නා ලෙසට බල කර ඇත.
සභාපතිවරයාගේ තීරණය අනුව මෙම අතිරේක අධ්‍යක්ෂ ජ්රාල්වරිය කාර්යාලයෙන් පිටත්ව ගොස් ඇති අතර ඇය පිටත්ව යන අවස්ථාවේදී සංස්ථා සේවකයින් හූ කියමින් ඇය පලවා හැර තිබේ.
ඇය සමග රුපවාහිනී සංස්ථාවේ තවත් ප්‍රභල නිලධාරියෙක්ද පිටත්ව ගොස් ඇතැයි සංස්ථා සේවකයෝ ශ්‍රී ලංකා නිව්ස් වෙත පැවසුවේය.
එම නිළධාරීන් දෙදෙනාම රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරින් වන අතර ඔවුන් නැවත රූපවාහිනී සංස්ථාවේ සේවයට නොයන බවටද තහවුරු නොකළ ආරංචිමාර්ග අනාවරණය කළේය
මෙම සිද්ධියත් සමගින් ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයා, අතිරේක ලේකම්වරයෙක් සහ අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා රූපවාහිනී සංස්ථාවට පැමිණ ඇත. එම අවස්ථාවේදී ඔවුන්ටද සංස්ථා සේවකයින්ගෙන් විරෝධය එල්ලවී තිබෙන බව අනාවරණය වේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉදිරි දින දෙක තුළදී වේලාවක් ලබාදීමට අමාත්‍යාංශයේ නිලධරීන් එකගතාවය දක්වා තිබේ.
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය පලවා හැරීම සදහා රූපවාහිනී සංස්ථාවේ සියලුම පක්ෂවල වෘත්තීය සමිති නියෝජිතයින් එක්ව සිට ඇති අතර ජාතික ජන බලවේගයට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයින් පමණක් එය මග හැර සිට ඇති බවද රූපවාහිනී සංස්ථා සේවවයෝ වැඩිදුරටත් සදහන් කර සිටී.