මාලිමා රජයේ වැඩ ආරම්භවීමත් සමග ‘කෝට්ටේ නගර සභාවෙන්’ ජනතාවට ඇදහිය නොහැකි තෑග්ගක්

ජනතාව විශාල ආර්ථික අපහසුතාවයක සිටින මොහොතක අවුරුදු තෑග්ගක් ලෙස තවත් විශාල බරක් ජනතා හිස මත පටවා තිබෙනවා.

ඒ,2025 වසරේ කෝට්ටේ මහ නගර සභාව විසින් වරිපනම් ගාස්තු 300% සිට 400% දක්වා වැඩිකිරීමයි.

නිලධාරින්ගේ අකාර්යක්ෂම තාවය නිසා නිසි කලට වරිපනම් තක්සේරුව සිදු කර නැති බැවින් මෙම අසාමාන්‍ය වරිපනමි වැඩ්වීම සිදුවීතිබෙනවා.

උදාහරණයක් ලෙස වාරෂිකව රුපියල් 8500 වරිපනම් ගෙවු නිවෙස් හිමියෙකුට 2025 වර්ෂයේදී එය රුපියල් 33000 බවට පත්වී ඇති අතර මෙය රුපියල් 24500 කින් වැඩිවීමකි.

නව රජය යටතේ ජනතාව වෙත නගර සභාවෙන් පැනවු මෙම අධික වරිපනම් බදු වැඩි කිරීම සම්බන්ධයෙන් ජනතාව විශාල කනස්සල්ලකින් පසු වෙනවා