කොරියානු ඊ 8 රැකියාවල වංචාවක් – ගැටලුවක් නෑ – වහාම රජය මැදිහත් විය යුතුයි – රජිත් කීර්ති තෙන්කෝන්ගෙන් නිවේදනයක්

කොරියානු රැකියා ගැටලුව විසදීම සදහා වහාම මැදිහත් විය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් සදහන් කරයි.

කොරියානු රැකියා ගැටලුව විසදීම සදහා වහාම මැදිහත් විය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් සදහන් කරයි.

කොරියානු E 8 වීසා ප්‍රශ්නය විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් තම බල අධිකාරිය පෙන්වීම සඳහා අටවා ගන්නා ප්‍රශ්නයකි. එයින් මෙරට තරුණයින් 107 කට ආසන්න පිරිසකට කොරියානු රැකියා සිහිනය බොදවන්නේය.

කොරියානු ඊ 8 වීසා යනු කොරියානු ප්‍රාන්ත රාජ්‍යයන් හි කෙටි කාලීන රැකියා සඳහා ලබා සුදුසුකම් පරීක්ෂා කර, සෘජුව ලංකාවේ තරුණයින් වෙත ලැබෙන මාස 7 -8 ක රැකියාවකි. එමගින් රු. ලක්ෂ 40 කට වැඩි මුදල් ඉතිරි කර ගෙන නැවත ලංකාවට පැමිණීමට තරුණයින්ට හැකිය.

මේ ගැන ලංකාවේ රජයට කළ යුතු දෙයක් නැත. මෙහි වංචාවක් හෝ අකටයුත්තක් ද නැත. කොරියා රජය මේ පිරිසට වීසා ලබා දි ඇත. රැකියාව ස්ථිරය. පඩි ලැබේ. නියමිත කාලය අවසන් වූ පසුව කොරියානු ප්‍රාන්තය විසින්ම මේ තරුණයින් ලංකාවට එවනු ලැබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උද්දච්ච නිලධාරීන් පිරිසක් දැන් වීසා ලැබී ඇති ලංකාවේ තරුණ පිරිසට විදේශගතවීමට ඉඩ දෙන්නේ නැත. එයට නිශ්චිත හේතුවක් කියන්නේ ද නැත.

ඊටත් වඩා අද දහවල් මේ තරුණයින් ගේ සාමකාමී පා ගමනට වලක්වන්නට පොලීසියේ නිලධාරීන් කටයුතු කළ ආකාරය ලැජ්ජා සහගතය. මේ තරුණයින් ඉල්ලන්නේ තමන්ට විසා ලැබී ඇති බැවින් ගුවන්ගතවීමට තමන්ට ඇති අයිතියට ගරු කරන ලෙස ය. අනෙක් අතට මේ ඊ 8 වීසා ක්‍රමය ලංකාව ලබාගත්තේ අතිශයින් දුෂ්කර රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් රැසක් මැදය. නියමිත දිනට මේ පිරිස විදේශ ගත නොවේ නම් මේ රැකියා ලබා ගැනීම ආසියාවේ තවත් රාජ්‍යයන් කිහිපයක් සැදී පැහැදී සිටී.

දෛනිකව රාජ්‍යයේ පැන නගින ගැටළු විසඳීමට ක්‍රමයක් තිබිය යුතුය. හැම දේටම උත්තර පොලීසිය යොදවා රාජ්‍ය ආයතනයක් සිදු කරන අත්තනෝමතික ක්‍රියාව වැලැක්වීමට බලය යෙදවීම නොවේ.

දැන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ තරුණයින් විදේශගතවීම වැලැක්වීමෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද? තමන්ට කැමති ලැයිස්තුවකට තරුණයින් පිටරට යැවීම නම්, එය කිසි ලෙසකින් හෝ සිදුවන්නේ නැත. සුදුසුකම් ඇති තරුණයින්ට වීසා ලැබී ඇත. ඔවුන්ට කොරියාවට යන්නට අවස්ථාව නොදේ නම්, ලංකාවට නැවත රාජ්‍ය මැදිහත්වීම, රක්ෂණ ආවරණ සහ තවත් බෝහෝ රැකියා සුක්ෂිතතාව සහිත මේ රැකියා අවස්ථා ලැබෙන්නේ නැත.

මේ රැකියාවක් නියං ලැබුණේ නැති බව, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිකමුන් දැන ගත යුතුය.