කතරගමට ලාභයි – ආදායම කෝටි හතලිහ පනී

රුපියල් කෝටි පහක පැවති කතරගම දේවාලය ආදායම, ඉකුත් වසරේ දී රුපියල් කෝටි හතලිහක් දක්වා වැඩි කිරීමට හැකි වූ බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ, බෝගහපැලැස්ස ප්‍රදේශයේ උත්සව සභාවක් අමතමින්.

තමන් බස්නායක නිලමේ ලෙස පත්වන අවස්ථාවේ දේවාලයේ ආදායම වසරකට කෝටි පහක් වූ නමුත් පසුගිය වසරේදී එම ආදායම රුපියල් කෝටි හතළිහ දක්වා ඉහළ නංවීමට හැකියාවක් ලැබුණු බව පවසන බස්නායක නිලමේවරයා සඳහන් කරන්නේ, ඒ සඳහා තමන් විසින් සිදු කළේ බොහෝ සුළු දෙයක් බවත් එනම් දේවාලයට ලැබෙන සියලු මුදල් විගණනයට ලක් කිරීම බවත් පැවසුවා.

තමන් දේවාලයට ලැබෙන මුදල් රුපියලක්වත් හොරකම් නොරන බව එහි දී සඳහන් කළ බස්නායක නිලමේවරායා කියා සිටියේ, හොරකම් කරන සල්ලිවලින් දරුවන්ට කන්න බොන්න දීමට තමන් කැමති නැති බවයි.

කතරගම දේවාලයට ලැබුණු ආදායමෙන් මේ වන විට මහරගම පිළිකා රෝහලට අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් ලබා දී ඇති බවත් එය තව සති කිහිපයකින් විවෘත කරන බවත් එහි දී ඔහු වැඩිදුරට සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!