බස් රථයක් වෑන් රථයක ගැටී 12ක් රෝහලට(PHOTOS)

කන්දකැටිය බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්‍රදේශයේ දී අද (17) උදෑසන 6.10ට පමණ පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබුණි.

අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ ගමන්ගත් තරුණියන් 8 දෙනෙකු ඇතුළු 12 දෙනෙක් කන්දකැටිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ.

පසුව ඉන් 7 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහියංගණය මුලික රෝහල වෙත මාරුකර යවා ඇත.

අනතුරින් තුවාල ලබා ඇත්තේ කන්දකැටිය, වැවේතැන්න, බෝපිටිය හා ඒ අවට ප්‍රාදේශවල පදිංචි කන්දකැටිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන පිරිසකි.