කන්දකැටිය බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්රදේශයේ දී අද (17) උදෑසන 6.10ට පමණ පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබුණි.
අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ ගමන්ගත් තරුණියන් 8 දෙනෙකු ඇතුළු 12 දෙනෙක් කන්දකැටිය ප්රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ.
පසුව ඉන් 7 දෙනෙකු වැඩිදුර ප්රතිකාර සඳහා මහියංගණය මුලික රෝහල වෙත මාරුකර යවා ඇත.
අනතුරින් තුවාල ලබා ඇත්තේ කන්දකැටිය, වැවේතැන්න, බෝපිටිය හා ඒ අවට ප්රාදේශවල පදිංචි කන්දකැටිය ප්රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන පිරිසකි.
