හම්බන්තොටට ප්‍රතිලාභ රැසක් ගෙන ආ ජයගමු ශ්‍රී ලංකා

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ”ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයේ” හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහන අඟුණකොළපැළැස්ස බන්ධනාගාර ක්‍රීඩංගනයෙදී අද ආරම්භ වුණා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහභාගීත්වයෙන් අද වැඩසටහන ආරම්භ වූ අතර, එහිදී විදේශ සේවා කාර්යංශය මගින් ප්‍රතිලාභ රැසක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව වෙත ලබාදිම සිදුකෙරුණා.

එහිදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැදිහත්වී විදේශ රැකියාවල නිරතව සිට මෙරටට පැමිණි ශ්‍රමිකයින් සහ සේවයේ නියැලෙන ශ්‍රමිකයින්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා ප්‍රතිලාභ ලබා දීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වුණා.

ඒ අනුව විදෙස් රැකියාවල නියලීමෙන් ජීවිත සාර්ථක කරගත් විගමනික ශ්‍රමික පවුල් 05 කට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඇගයීම් වශයෙන් රුපියල් 50,000 බැගින් ලබා දුන්නා .

ඊට අමතරව විගමණික ශ්‍රමිකයින් 25 දෙනෙකු සඳහා ස්වයං රැකියාවල නියැලීම පිණිස ලබා දෙන රුපියල් ලක්ෂයක මුදලින් රුපියල් 50,000ක් ප්‍රදානය කිරීද අද සිදු වුණා.

විගමණික ප්‍රජාවේ සාමාජිකයන්ගෙන් තෝරාගත් 12 දෙනෙකුට ඇස්කණ්නාඩි සහ 9 දෙනෙකුට රෝදපුටු ප්‍රධානය කිරීමද අද වැඩ සටහනේදී සිදු කෙරුණා.

එමෙන්ම විගමණික පවුල්වල දරුවන් 25 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමද සිදු වුණා.

විදෙස්ගත්වීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය වාර කිහිපයක් ලබා ගත් ශ්‍රමිකයන් 40ක් සඳහා සතොස වවුචර්පත් පිරිනැමීම සහ විගමණික ප්‍රජාවේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 12ක් සඳහා ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමද අද වැඩසටහනේදී සිදු කෙරුණා.

එමෙන්ම ප්‍රථම වරට ගෘහ රැකියා සඳහා විදේශගත වන කාන්තාවන් 10 දෙනෙකුගේ පවුලේ සාමාජිකයන් සඳහා වවුචර්පත් ප්‍රදානය කළා.

විගමණික ශ්‍රමික ප්‍රජාවගේ දූ දරුවන් 25කට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමටත් අද පියවර ගත්තා.

එමෙන්ම පාසල් උපකරණ සහ පාසැල් බෑග් ලබා දීමද අද වැඩ සටහනේදී සිදු කෙරුණා.

එම ප්‍රතිලාභ ලාභීන් තෝරාගනීමේදී සේවය අවසන් කර පැමිණි විගමනික ශ්‍රමිකයන්ගේ දරුවන් 20 දෙනෙක්, දැනට සේවයේ යෙදී සිටින විගමනික ශ්‍රමිකයන්ගේ දරුවන් 510 දෙනෙක්, සේවය අවසන් කර ආ විගමනික ශ්‍රමිකයන්ගේ දරුවන් 48 ක් තෝරාගෙන තිබුණා.

ඊට අමතරව සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් කොට්ඨාසයකට එකක් බැගින් තෝරා දෙන ලද ප්‍රදේශයේ පාසල් සඳහා ස්මාට් බෝඩ් 12ක් ප්‍රදානය කිරීමද අද සිද්ධ වුණා.

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී. සුමනසේකර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආනන්ද විමලවීර යන මහත්වරුන් සමග අමාත්‍ය මහින්ද අමරවීර නියෝජනය කරමින් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් – හිටපු පළාත් සභා මන්ත්‍රී එච්.ඩබ්ලිව්. ආනන්ද ගුණසේන සහ ජනාධිපති විශේෂ සහකාර ආනන්ද කුලරත්න ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් ඇතුළුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, රජයේ සේවකයන් සහ විගමනික ශ්‍රමික පිරිස් පවුල්වල සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!