IMF නිසා නවතා දැමුණු ජපාන ව්‍යාපෘති යළි ශ්‍රී ලංකාවට

ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට අදාළව අවබෝධතා ගිවිසුම්වලට ශ්‍රී ලංකාව අත්සන් තැබීමෙන් පසුව අතරමග නවතා දමා තිබුණු මෙරට ජපාන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Mizukoshi Hideaki මහතා පවසනවා.

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට ද්විපාර්ශ්වික ණයහිමියන් සමග අත්සන් තැබීම සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන බව ඒ මහතා අද (28) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ජපානය අඛණ්ඩ සහාය ලබාදෙන බවත් තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!