ගෝඨාව රටින් පැන්නුවේ මමයි! සෝභිත හිමියන් පිළිගනියි

මහජන අරගල මධ්‍යයේ, ගෝඨාභය රාජපක්ෂ මහතාට රටින් පළා යන අවස්තාවේ ඊට තමා උදව් කළ බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසනවා.

එම හිමියන් මේ බව පැවසුවේ, ඇඹිළිපිටියේ පැවති උත්සවයක දී යි.

එහි දී උන් වහන්සේ කියා සිටින්නේ, හිටපු ජනාධිපතිවරයා විසින් ලියා පළ කරන ලද කෘතියේ අවස්ථා කිහිපයක ම තමන් වහන්සේ පිළිබඳව ද සඳහන් වුවත්, ඔහුට රටින් පිටව යාමට තමා උදව් කළ ආකාරය එහි සඳහන් නොවන බවයි.

කෙසේ නමුත් හිටපු ජනාධිපතිවරයාට කටුනායක, බණ්ඩාරණායක ගුවන්තොටුපොලින් රටින් පිටව යාම සඳහා, තමන් උදව් කළ ආකාරය සුගීස්වර බණ්ඩාර මහතා ඇතුලු, අභ්‍යන්තර වළල්ලේ සිටි පිරිස දන්නා බව ද සෝභිත හිමියන් පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!