ISIS සැකකරුවන් ගැන බොරු කී ආචාර්යවරයාට අධිකරණය දුන් තීන්දුව මෙන්න

අත්අඩංගුවට ගත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ මහතාට ඇප ලබා දී තිබෙනවා.

ඔහු අද (29) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදාහැර තිබෙනවා.

ISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනක දී අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවට එල්ල වූ චෝදනාවකට අදාළව ඒ මහතා අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!