IOC ඉන්ධන මිලත් පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට පහත හෙලීමත් සමග ලංකා IOC සමාගම ද අද (01) සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7කින් ද පහත දැමීමත් සමග නව සංශෝධිත මිල රු 333ක් වේ.

එමෙන්ම සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 135කින් ද අඩු කර ඇති අතර
නව ලීටරයක මිල රු 330ක් වේ.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 365කි.

ඩීසල් ලීටරයක් රුපියල් 15කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 310කි.

භූමිතෙල් සහ කාර්මික භූමිතෙල් මිලෙහි වෙනසක් සිදුකර නොමැත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *