සමගි ජනබලවේගයේ සභාපති ඉම්තියාස් බාකිර් මාකාර් මහතා පක්ෂයේ තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපිය විපක්ෂ නායක ලේකම්වරයා වෙන ලබාදී තිබෙනවා.
මෙම ලිපියේ පිටපත් පක්ෂ මහ ලේකම්වරයාට සහ හර්ෂ ද සිල්වා මහතාට ද යවා ඇති බවයි වාර්තා වන්නේ.
සමගි ජන බලවේගයේ සභාපතිධූරයට පත් කිරීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පළ කරන බව ඉමිතියාස් බාකීර් මාකාර් සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් සදහන් කර තිබේ.
පක්ෂය නිර්මාණය කිරීමේ සිට පක්ෂයේ කටයුතු කරගෙන යාමේදී පක්ෂ නායකත්වයේ සිට සාමාජිකයා දක්වා තැබූ විශ්වාසයට තමන්ගේ කෘතඥතාැය පුද කරන බවද ඔහු සිය ලිපියේ දක්වා ඇත.
අද දින සිට තමන් පක්ෂ සභාපතිධූරයේ සිට අනෙකුත් තනතුරුවලින් ඉවත් වන බවද ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සදහන් කර තිබේ.
ඉමිතියාස් කියන්නේ කවුද?
සමගි ජන බලවේගයේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වී තිබෙන ඉමිතියාස් බාකීර් මාකාර් කොළඹ ආනන්ද විද්‍යාලෙය් ආදි ශිෂ්‍යයෙකි. ආනන්ද විද්‍යාලයේ සිංහල විවාද කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කළේය.
බේරුවල පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක අල්හාජ් බාකීර් මාකාර්ගේ පුත්‍රයා වන ඉමිතියාස් එක්සත් ජාතික පක්ෂ දේශපාලනයට පිවිසියේ පාසල් සමයේදීමය. ඩඩ්ලි සේනානායක සමග සමීපව කටයුතු කළ ඔහු එක්සත් ජාතික පක්ෂ ශිෂ්‍ය ව්‍යාපාරය සමගින් එක්ව දේශපාලනයට පිවිසියේය.
1988 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කර පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසි ඔහු නිවාස රාජ්‍ය අමාත්‍ය, ජනමාධ්‍ය අමාත්‍ය වැනි ඇමැති තනතුරු දැරුවේය.
ප්‍රතිපත්තිමය හේතු මත මැතිවරණවලට ඉදිරිපත් නොවී සිටි ඔහු 2020 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු නැවත පාර්ලිමේන්තුවට පිවිසියේය.