IMF හා ලෝක බැංකුවේ නිලධාරින් අතර සාකච්ඡා ලබන සතියේ

මෙරට ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ නිලධාරින් හමුවී වොෂිංටන් නුවරදී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

ලබන සතිය තුළ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ සමුළුවකදී එම සාකච්ඡා පැවැත්වීට නියමිත බවත් ඒ සඳහා තමන් සමග මහ බැංකු අධිපතිවරයා හා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහභාගිවීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *