IMF යෝජනාවට පක්ෂ වූ ෆවුසී ටෙලිෆෝනයෙන් නෙරපයි.

පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති IMF යෝජනාව සම්බන්ධ ඡන්ද විමසීමේදී ආණ්ඩුව සමග ඊට පක්ෂව ඡන්දය දුන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්‍ෂය තීරණය කරන ලද බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මේ පිළිබඳව මාධ්‍යට අදහස් පලකළ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසූයේ ඒ.එච්.එම්. ෆවුසී මන්ත්‍රීවරයා පක්ෂයේ තීරණයට පිටින් කටයුතු කිරීම නිසා ඔහු පක්ෂයෙන් නෙරපන බවය . පළාත් පාලන මැතිවරණය සඳහා මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා සමගි ජන බලවේගය විසින් ඒ.ච්.එම්. ෆවුසී පසුගියදා පාර්ලිමේන්තුවට පත්කරනා ලදි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *