IMF නියෝජිතයෝ හඳුන්නෙත්ති හමුවෙති .

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අතර විශේෂ සාකච්ඡාවක් අද (06) පැවති බව වාර්තා වේ .

එහිදී මෙරට කාර්මික අංශය සතු විභවතාවන් සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා කර්මාන්ත ක්ෂේත්‍රය ලබා දෙන දායකත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගත් බව වාර්තා වේ

ඊට අමතරව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටලු සහ ඔවුන් නගාසිටුවීම සඳහා රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දු පිළිබඳව අමාත්‍යවරයා එම නියෝජිත පිරිසට කරුණු පැහැදිළි කර ඇත .

මේවන විට ක්‍රියාත්මක වෙමින් පවතින ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ කාර්මික අංශයේ වර්ධනය කෙරෙහි ඇති වැදගත්කම මෙහිදී IMF නියෝජිතයන්ගේ ඇගයීමට ලක්ව ඇත .

නිෂ්පාදන ආර්ථිකයක් කරා යන ගමනේදී පවතින බාධක ඉවත් කිරීම, අපනයන ක්‍රියාවලිය සරල කිරීම සහ විදේශීය ආයෝජන සඳහා හිතකර වටපිටාවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුව ඇත .