තීරණාත්මක පාර්ලිමේන්තු විවාදය 25 දා සිට ඇරඹේ

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ විවාදය අප්‍රේල් 25 වනදා සිට පැවැත්වීමට තීරණය කර තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසුවේ එහිදී දේශපාලන පක්ෂ සදහා තම රටට සහය දෙනවාද නැද්ද යන්න තීරණය කිරීමට අවස්ථාව සැලසෙන බවයි.

මූල්‍ය ප්‍රතිසංස්කරණය සහ 2025 වන විට ඉලක්කගත බදු සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය 14% ක් වන අතර එය අසීරු ඉලක්කයක් වුවත් සාක්ෂාත් කරගත හැකි බවත්, නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීතියක් පැනවීම සහ රාජ්‍ය ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ දූෂණ අවදානම් අවම කිරීමද කළයුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඒ හරහා මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා බාහිර අතිරික්තයක් නැවත ගොඩනැංවීම ඇතුළත් මූලික රාජ්‍ය මූල්‍ය කළමනාකරණ කාර්යය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන යටතේ ශක්තිමත් කෙරෙන බවයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා මෙහිදී සදහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *