පොලිස්පති ධුරය සඳහා වන කාල සීමාව වසර තුනක ස්ථාවර කාලසීමාවක් දක්වා සීමා කිරීමට, අවශ්‍ය නීති සම්පාදනය කිරීමට රජයේ අවධානය යොමුව තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව පොලිස්පතිවරයාගේ ධුර කාලය සීමා කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් කිරීම සඳහා, නීති කෙටුම්පත් සම්පාදක වෙත නියම කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නාමයෝජනා අනුමත කිරීම මත ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා පත්කරන අතර, පොලිස්පති ධුරයට පත්කරන පුද්ගලයා විශ්‍රාම ගැනීම හෝ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ පනතෙහි නියම කරන කාර්ය පටිපාටිය අනුව ඉවත් කරනතුරු පොලිස්පතිවරයා සේවයෙහි නියුතුව සිටිනවා.
ඒ අනුව වර්තමානයේ, පොලිස්පතිවරයාගේ ධුර කාලය සඳහා නිශ්චිත කාල සීමාවක් මෙතෙක් නොමැති වීම ස්ථාවර කාලසීමාවක් හඳුන්වා දීමට හේතු වී තිබෙන අතර පොලිස්පතිගේ ධුර කාලයට ස්ථාවර කාලසීමාවක් හඳුන්වා දීමේ අරමුණ වන්නේ, රටේ දූෂණය සහ විෂමාචාරයන් සිදුවීමේ සම්භාවිතාව අවම කිරීම, විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම, මහජන ප්‍රසාදය සහ විශ්වාසය වැඩිදියුණු කිරීමයි.