වසර කිහිපයක් තිස්සේ රජයේ ආයතන පනස්දෙකක විගණනයන් නිසි පරිදි සිදුවී නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට පෙන්වාදී ඇත. එම නිසා ජූලි මාසය නිමවීමට පෙර එම ආයතන එම ආයතන සියල්ල රජයේ විගණකාධිපතිවරයා යටතේ පූර්ණ විගණනයකට ලක් කළ යුතු බවට ඔඑඋන් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව වාර්තාවේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ණය ප්රදානය කිරීමේ දී පනවා තිබෙන කොන්දේසි අතර
මෙම රාජ්‍ය ආයතන පනස්දෙකේ විගණනය අවධාරණය කර තිබෙන අතර ඒ අනුව 2021/2022 ට අදාළ විගණන වාර්තා ජූලි මසට පෙර ලබාදෙන ලෙසට ද දැනුම් දී ඇති බව වාර්තාවේ
විගණකාධිපතිවරයා වෙත රජයේ ආයතන භාර අමාත්‍යාංශ ලේකම්වරුන් එම ආයතනවල මූල්‍ය ප්‍රකාශන නිසි පරිදි ලබාදීමට අපොහොසත්වීම නිසා මෙලෙස විගණනය සිදුකර නැති බවට අනාවරණය වෙනවා.
මෙම කාරණාව සම්බන්ධයෙන් අදහස් පලකරනා රජයේ විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න පවසනුයේ ඇතැම් රාජ්‍ය මූල්‍ය ආයතන ඇතුළු යම් යම් ආයතන මූල්‍ය ප්‍රකාශන නිසි පරිදි ලබා නොදෙන නිසා ඒවායේ විගණන ප්‍රමාද විය හැකි බවය.
වී අලෙවි මණ්ඩලය, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ඇතැම් සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල වසර හතර පහක කාලයක් තිස්සේ අදාළ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන විගණකාධිපතිවරයා වෙත යොමු නොකර පැහැර හැර ඇති බවත් ඇතැම් මූල්‍ය ප්‍රකාශන වසර තුන හතරකට පසු ලැබෙන බවත් ජාතික විගණන කාර්යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
අමාත්‍යාංශ ලේකම්වරුන් ඒ වගකීම නිසි පරිදි ඉටුනොකිරීම නිසා රාජ්‍ය ආයතන පනස් දෙකක විගණනය සිදු නොවී ඇති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරන චෝදනාව සත්‍ය බවත්, විගණන කාර්යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි