I.M.F ආධාර සඳහා අනුමැතිය අද

මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකම සඳහා වු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය අද (20) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ .

මෙරට වේලාවෙන් අද රාත්‍රීයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව රැස්වීමට නියමිත අතර එහිදි අදාළ අනුමැතිය ලබාදීම පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය නිවේදය කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම වසර 4ක් තුළ ලැබීමට නියමිත අතර එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 300ක මුදලක් මාර්තු මස අගදී ලැබෙනු ඇති බවට අපේක්ෂා කෙරේ. ඒ සමගම ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, පැරිස් සමාජය සහ මිත්‍ර රටවල් නැවත ශ්‍රී ලංකාවට අධාට කිරීමට නියමිතය. ඒ අනුව ලෝක බැංකුව සහ අසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.5 කට ණය මුදලක් ලබාදෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද පවත්වන කමිටු රැස්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් හරහා අදාළ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන්ය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *