කාබන් කොලෙන් වහලා ලක්ෂ 25ක් ගහපු නිවාස අධිකාරියේ නෝනා

නිවාස ණය ලබාගත් ණයකරුවන් ගෙවූ වාරික මුදල්වලින් රුපියල් ලක්ෂ 25කට ආසන්න මුදලක් වංචා කළ බවට සැකපිට කළුතර නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරිනියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිවාස සංවර්ධන අධිකරණයේ විගණන නිලධාරියකු කළ පැමිණිල්ලකට අදාළවයි අදාළ නිලධාරිනියව අත් අඩංගුවට ගෙන ඇත්තේ.

තව ද ඇය විසින් වංචා කරන ලද බව කියන රුපියල් ලක්ෂ විසිපහක පමණ මුදලින් කොටසක් ඇය විසින් ගෙවා ඇති අතර, තවත් රුපියල් ලක්ෂ 17කට අධික මුදලක් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන සිදුකරමින් පවතින බව ද වාර්තා වනවා.

ණයකරුවන් විසින් ලබාදෙන වාරික මුදල්වලට අදාළ ලදුපත් නිකුත් කිරීමේ දී, කාබන් පිටපත ඉවත්කොට මුදල සඳහන් කරන ස්ථානයේ වෙනස් කිරීම් කර ඇති බව, මෙම සිද්ධියට අදාළ විමර්ශනවල දී හෙළිව ඇතැයි ජාතික පුවත්පතක් වාර්තා කරනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය අද (06) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.