ඉන්දියානුවන්ට හොර පාස්පෝට් හදන ලාංකිකයන්ගේ සෙල්ලම ඉන්දියාවේදී අල්ලගත්ත හැටි

ලාංකික සරණාගතයින්ට නීතිවිරෝධී ලෙස ඉන්දීය විදේශ ගමන් බලපත්‍ර සකස් කරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ඉන්දීය බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙම සැකකරුවන් පිරිස තමිල්නාඩුවේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ලාංකිකයින් දෙදෙනා සමග ඉන්දීය ජාතික කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර, එම කාන්තාව විදේශ ගමන් බලපත්‍ර සැපයු තැනැත්තිය බවට සැකපළ කරනවා.

මොවුන් විසින් ශ්‍රී ලාංකිකයින් 21 දෙනෙකුට ඉන්දියානු විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සපයා ඇති බව ඉන්දීය පොලීසිය සඳහන් කර ඇත.

තොරතුරු වාර්තා වන පරිදි ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ජාවාරම සම්බන්ධයෙන් ලද තොරතුරු මත සිය පරීක්ෂණ කටයුතු මෙම වසරේ ජනවාරි මාසයේ දී ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට ජාවාරම සම්බන්ධයෙන් පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර ද ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු සිටින බව වාර්තා කරන ඉන්දීය පොලීසිය පෙන්වා දෙන්නේ, ජාවාරම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 06 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!