සනාගේ කෝටි ගණනක දේපළ රාජසන්තක කළ හැටි

බන්ධනාගාරගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “අගුලානේ කුඩු සනා” නමැති පුද්ගලයාට උපයා ගත හැකි ආකාරය දැක්විය නොහැකි වූ හොරණ කෝරළඉම සහ මොරොන්තුඩුව කුඩා ගෝණදූව ප්‍රදේශවල පිහිටි රුපියල් කෝටි තිහකට වැඩි වටිනා දේපළ අධිකරණය වෙත පවරාගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ඒකකයේ ජාලගත වංචා විමර්ශන ඒකකය විසින්.

එලෙස පවරා ගත් දේපළ අධිකරණය මගින් ලබා ගත් නියෝග මත ඒ ඒ දේපළ පිහිටි බල ප්‍රදේශය අයත් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ භාරයට ලබා දීමට කටයුතු කළ බවත් එම ඒකකය පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!