කොල්කටා ‘IPL අවසන් සටනට’ සිවුවන වරටත් සුදුසුකම් ලැබූ හැටි

IPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ (21) පැවති අවසන් වටයේ පළමු තරගයේ ජය හිමිකරගෙන Kolkata Knight Riders කණ්ඩායම අවසන් මහා තරගයේ තම ස්ථානය තහවුරු කරගත්තා.

ඒ Sunrisers Hyderabad කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින්.

අහමදාබාද්හිදී පැවති එම තරගයේ කාසියේ වාසියේ දිනූ Sunrisers Hyderabad කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි Sunrisers Hyderabad කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 39කදී දවා ගැනීමට Kolkata Knight Riders කණ්ඩායම සමත්වුණා.

Hyderabad ලකුණු පුවරුවට ශක්තියක් ගෙන දෙමින් 5 වන කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූ රාහුල් ත්‍රිපති සහ හෙන්රිච් ක්ලාසන් එක්ව ලකුණු 62ක සබඳතාවක් ගොඩනැඟුවා.

රාහුල් ත්‍රිපති පන්දු 35කදී ලකුණු 55ක් රැස්කළ අතර හෙන්රිච් ක්ලාසන් ලකුණු 32ක් රැස්කරගත්තා.

කෙසේවෙතත් Sunrisers Hyderabad කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 159ක් පමණයි.

මිචෙල් ස්ටාර්ක් ලකුණු 34 ට කඩුලු 3 ක් දවාගත් අතර වරුන් චක්‍රවර්ති ලකුණු 26කට කඩුලු 2 ක් දවා ගත්තා.

ලකුණු 160ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි Kolkata Knight Riders කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 67කදී දවාගැනීමට Hyderabad පන්දු යවන්නන් සමත්වුණා.

එය එසේ සිදුවනවිට වෙන්කටේෂ් අයියර් සහ නායක ශ්‍රෙයාස් අයියර් එක්ව Kolkata Knight Riders කණ්ඩායම සුරැකිව ජයග්‍රහණය කරා රැගෙන ගියා.

වෙන්කටේෂ් අයියර් පන්දු 28කදී ලකුණු 51ක් සහ ශ්‍රෙයාස් අයියර් පන්දු 24කදී ලකුණු 58ක් රැස්කළා.

ඒ අනුව මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට Kolkata Knight Riders කණ්ඩායමට හැකියාව ලැබුණා.

Kolkata Knight Riders කණ්ඩායම මෙවර IPL අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් සිව්වන වතාවටයි.

මීට පෙර අවසන් මහා තරගයකට කොල්කටා කණ්ඩායම ක්‍රීඩා කළේ 2021 වසරේදීයි.

Rajasthan Royals කණ්ඩායම සහ Royal Challengers Bengaluru කණ්ඩායම අතර අද (22) පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් වටයේ දෙවන තරගය වෙනුවෙන් එළඹෙන සිකුරාදා Sunrisers Hyderabad කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතයි.

එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම ඉරිදා පැවැත්වෙන IPL අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!