උඩුගුවනින් කටුනායකට ආපු කොකේන් ගැන විමර්ශනවලින් හෙළිවුණු දේ

රුපියල් කෝටි 20 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ පිලිපීන කාන්තාවක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉතියොපියාවේ අඩිස් අබාබා සිට ඩෝහා කටාර් හරහා මෙම කාන්තාව මෙරටට පැමිණ ඇති බව ඇති බව වාර්තා වනවා.

ඇය සිය ගමන් මල්ල තුළ මිරිස් කුඩු , කහ කුඩු සහ පාන් පිටි අඩංගු පාර්සල් 03 ක් සමග කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 861 ක් බරැති කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 03 ක් සඟවා රැගෙනවිත් තිබෙනවා.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ ඇයගේ යෙහෙළියක් මගින් මෙම ගුවන් ගමන සම්බධීකරණය කර දී තිබූ අතර ඇයට මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට රැගෙන විත් භාර දීම සඳහා අමෙරිකානු ඩොලර් 1,000 ක මුදලක් ද , ඊට අමතරව මෙම ගුවන් ගමන් සදහා ප්‍රවේශ පත්‍ර සහ දින 05 ක් ශ්‍රී ලංකාවේ සංචාරක හෝටල් වල නැවතීම සදහා අවශ්‍ය පහසුකම් ද සපයා දීමට මෙම මත්ද්‍රව්‍ය ජාලා හිමිකරුවන් පොරොන්දු වී ඇති බව යි.

එසේම මෙම කාන්තාව මීට පෙර මැලේසියාව සහ ඉන්දියාව වෙත ද මේ ආකාරයට කුළු බඩු අඩංගු පාර්සල් අතර කොකේන් මත්ද්‍රව්‍ය සඟවා රැගෙන ගොස් ඇති බව රේගු නිලධාරීන් හමුවේ ඇය අනාවරණය කර තිබෙනවා.