PHI ඝාතනයේ සැකකරුවෙක් රට පනින්න ගිහින් හසු වූ හැටි

කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැලකෙන පුද්ගලයෙකු ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් ඩුබායි රටට පලායාමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටින විට සැකපිට අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය පවසනවා.

මුහුණු මගින් පුද්ගලයන් හඳුනා ගැනීමේ පද්ධතියෙන් හඳුනා ගැනීමෙන් පසු රහස් පොලීසියේ කටුනායක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි පුද්ගලයෙක්.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයව වෙඩි තබා ඝාතනය කර තිබුණේ පසුගිය දෙසැම්බර් මස 26වැනිදා ඇල්පිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීයි.

ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව අදාළ සැකකරු පැය 72ක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබාගෙන පරීක්ෂණ පවත්වන බව රහස් පොලීසියේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔහු කළක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කර , එය හැර ගිය අයෙක් බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!