මත්ද්‍රව්‍ය සමග හසු වූ පාකිස්තානුවන් වරද පිළිගනී – මහාධිකරණය දඬුවම් දෙන හැටි මෙන්න

2020 වසරේ පළමුවන මස පළමුවන දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ නාවික හමුදාව එකාබද්ධව සිදුකරන ලද වැටලීමකදී නීති විරෝධී මත්ද්‍රව්‍ය බවට සැකකරනු ලබන ද්‍රව්‍ය කිලෝ 581 ග්‍රෑම් 34ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 614 ග්‍රෑම් සමග පකිස්ථාන ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණා.

එම මත්ද්‍රව්‍ය සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව ශුද්ධ වාර්තාවක් ලෙස ලැබී ඇති අතර එය කෙටමින් මත්ද්‍රව්‍ය කිලෝ 491 ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 500ක් වශයෙන්ද, මෙත්ඇම්පිටමින් කිලෝ 471 ග්‍රෑම් 955 මිලිග්‍රෑම් 500ක් ලෙස විශ්ලේෂණය කර 2021 වසරේ 9වෙනි මස 28වන දින වාර්තාවක් ලැබී තිබෙනවා.

ඒ අනුව ගරු නීතිපතිතුමාගේ උපදෙස් ලැබීමෙන් පසු කොළඹ මහාධිකරණයේ චූදිතයන්ට එරෙහිව නඩු පවරා 2024 වසරේ 05වෙනි මස 6වන දින නඩුව කැඳවූ අවස්ථාවේ චූදිතයන් සියලු දෙනා වරද පිළිගෙන ඇති අතර එක චූදිතයෙකුට වසර 10 බැගින් සිර දඬුවම් නියම කර ඇති බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.

මෙම සැකකරුවන් අදාළ ක්‍රියාත්මක කිරීම සඳහා පාකිස්ථානය වෙත පිටුවහල් කිරීමට කටයුතු සිදුකරමින් පවතින් බව එම නිවේදනයේ සඳහන් වනවා.

එම නිවේදනය පහතින්,

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!