පාලිත රංගේගේ පුත් යශෝධ අත්අඩංගුවට පත්වූ හේතුව මෙන්න

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි පොලිසීය පවසන්නේ.

කරුවලගස්වැව 07 කණුව මී ඔය ආසන්නයේ අලිමංකඩ ප්‍රදේශයේදී අද (29) අලුයම 4.30 පමණ ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීවිල් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරෙන් ත්‍රීවිලයේ රියදුරු බරපතළ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ සහ ත්‍රීරෝද රථයේ ගමන් කර ඇත්තේ, රියදුරන් දෙදෙනා පමණි.

යශෝධ රංගේ බණ්ඩාර මීට පෙරදීත් 2018 වසරේ සිදුකළ රිය අනතුරක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙකි.

අදාළ අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කරුවලගස්වැව පොලීසිය සිදුකරමින් පවතිනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!