හෙට දිනයේ වසා තැබෙන පාසල් මෙන්න

රත්නපුර අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට (05) දිනයේ වසා තැබෙන බව සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසනවා.

එසේම නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඇළපාත, අයගම සහ කලවාන අධ්‍යාපන කොට්ඨාශවලට අයත් සියලුම පාසල් ද හෙට දිනයේ වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට දිනයෙන් පසුව ඇතිවන කාලගුණ තත්ත්වය මත කලාප අධ්‍යක්ෂවරුන් දැනුවත් කර පාසල් පැවැත්වීමට අදාළ තීරණ ගනු ලබන බවද සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!